තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට.

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩෙල්ෆ් ආසන්න මුහුදු ප්‍රදේශයේ අද (01) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එහිදි ධීවර බෝට්ටු 04ක සිටි ඉන්දිය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ධීවරයින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *