දියතලාව මෝටර් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට.

0
118

දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.

මියගිය පිරිස අතර ළමයෙකු ද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර රෝහල්ගතකර සිටින පුද්ගලයින් 21 දෙනා අතරින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් මේ වනවිට දියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here