අද දිනන්නේ දුමින්ද ද විජයදාස ද

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවරු නඩුවේ නියෝගය අද ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා දන්වා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කටයුතුවලට හා වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන පැමිණිලිකාර දිසානායක මහතාට පක්ෂ කටයුතු කරගෙන යෑමට බාධා කිරීම් සිදු කිරීම වළක්වමින් වාරණයක් නිකුත් කිරීම පිළිබඳ නියෝගය මෙසේ කල් තැබුවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *