දුම්රිය රියදුරන් ගැන රහස් පොලිසියට පැමිණිල්ලක්..?

දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තුන්වන දිනටත් අද (09) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා..

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කළා.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් එම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව සඳහන්,

කෙසේවෙතත් සිය ඉල්ලීම් සඳහා බලධාරීන් තවදුරටත් ප්‍රතිචාර නොදක්වන්නේනම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම් සේනානායක මහතා සඳහන් කර සිටියා.

කෙසේවෙතත් අද ප්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

එම වර්ජනය පුද්ගලයින් 21 දෙනෙකු විසින් ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම පැමිණිල්ල සිදුකිරීමට නියමිත බව සඳහන්

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *