බිත්තරේට කල දේ කුකුලටත්. රුපියල් 850ට දෙන්න – නැත්නම් කුකුළත් ඉන්දියාවෙන් ගේන්න තීන්දුවක්.

0
55

කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 850 කට පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු නොකළහොත් කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කර සහන මිලට බෙදාහැරීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ නලින් ප්‍රනාන්දු මහතා මෙසේ ද කීවේය.

පසුගිය කාලයේ කුකුළු මස් කිලෝවක් මේ වෙළෙඳුන් රුපියල් 1300 ත් 1500 ත් අතර අලෙවි කළා. මේ තත්ත්වය තුළ පාරිභෝගික ජනතාව කුකුළු මස් මිලදී ගන්න එකෙන් ඈත් වුණා. දැන් මගේ ගාන හැටියට පාරිභෝගිකයාට කුකුළු මස් කිලෝවක් රුපියල් 850 කට දෙන්න පුළුවන්. ඒ කියන්නෙ තව රුපියල් 150 ක් විතර අඩු කරන්නත් පුළුවන්. මේක ගොඩින් බේරගත්තේ නැත්නම් අපි කුකුළු මස් රටින් ආනයනය කරනවා. පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරන්න බැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here