එංගලන්තයට එරෙහිව කඩුලු 5ක් දවා ගත් ලංකාවේ පුංචි කෙල්ල.

0
38

වයස අවුරුදු 19න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව ලකුණු 108ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සමත්වුණා.

මෙම තරගයේදී 14 හැවිරිදි චමෝදි ප්‍රබෝධා ලකුණු 42කට කඩුලු 5ක් දවා ගැනීම කාගේත් වැඩි අවධානයට ලක්වුණා.

ගාල්ලේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලකුණු 226ක් රැස් කළා.

ලකුණු 227ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත යොවුන් ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුණා.

ඒ අනුව එංගලන්ත පිලට පන්දුවාර 23යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 118ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ ලකුණු 108කින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here