Fri. Sep 20th, 2024

කොළඹ ජාතික රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි රෝගීන් තිදෙ­නකු ප්‍රමි­ති­යෙන් තොර බව කියන ‘හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින්“ එන්නත් මාත්‍රා එන්නත් කිරී­මෙන් පසු මර­ණ­යට පත්වූ බවට වාර්තා ලැබී ඇතැයි අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ නලින්ද ඉන්ද­තිස්ස මහතා මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනී අබේ­වි­ක්‍රම මහ­ත්මිය හමුවේ ඊයේ (04) දැනුම් දුන්නා.

මෙම සිද්ධියේ අග­ති­යට පත් පාර්ශ්වය වන අල්ලස හෝ දූෂ­ණය නාස්ති­යට එරෙහි පුර­වැසි බලය වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි ජනා­ධි­පති නීති­ඥ­ව­රයා එම කරුණු ඉදි­රි­පත් කර­මින් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටියේ එම කරුණ මෙම නඩු­වට අදාළ කර­ගන්නා ලෙසයි.

කොළඹ ජාතික රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය ජේ. ඒබ්‍ර­හිම් මහතා භාරයේ ඇති 16 වන වාට්ටු­වට ඉකුත් අගෝස්තු මස 13 වැනිදා ඇතු­ළත් කර ප්‍රති­කාර ලබ­මින් සිටි ඇඳ­ඉ­හ­පත් අංක 144882 උදය පෙරේරා, ඇඳ­ඉ­හ­පත් අංක 147477 ජොයො­නිකා අබේ­ව­ර්ධන සහ ඇඳ­ඉ­හ­පත් අංක 147293 අශෝක පලි­සේන යන රෝගීන් තිදෙනා අදාළ එන්නත ලබා­දී­මෙන් පසු දැඩි අසා­ත්මි­ක­තා­වය හේතු­වෙන් මර­ණ­යට පත්ව ඇතැයි ජනා­ධි­පති නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නා.

මෙහි දී නීති­ප­ති­ව­රයා නියෝ­ජ­නය කර­මින් අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළ නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම මෙනෙ­විය සඳ­හන් කළේ, ඉකුත් නඩු දිනයේ දී මෙම සිවිල් සංවි­ධා­නය විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට භාර­දෙනු ලැබූ අදාළ ලේඛ­නය සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් සිදු­කළ බවත් එම සිද්ධි­යට අදා­ළව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය­ව­රුන් සමඟ සාක­ච්ඡා­වක් පැවැත්වූ බවත්ය.

මෙම සිද්ධි­යෙන් මර­ණ­යට පත් වූ එක් රෝගි­ය­කුට ප්‍රශ්න­ගත එන්නත ලබා දී ඇති අතර, එහි දී යම් අසා­ත්මි­ක­තා­වක් ඇති­වී­මෙන් පසු ඒ අව­ස්ථාවේ දී වෛද්‍ය­වරු ඔහුගේ ජීවි­තය බේරා­ගෙන ඇති නමුත් පසුව ඔහු මිය­ගොස් ඇති බවත් එහි දී වහාම වෛද්‍ය­වරු අදාළ බෙහෙත ඉවත් කර ගෙන ඇති බවත් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නා.

ඒ අනුව ඉන්දි­යානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙර­ටට ගෙන්වූ ‘හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින්“ සහ පිලිකා නාශක ඖෂ­ධ­යක් වන ‘රිටො­ක්සි­මැප්“ එන්නත් මාත්‍රා රජයේ රෝහ­ල්ව­ලට ලබා­දී­මෙන් පසු මර­ණ­යට පත්වූ හෝ මේ වන­විට රෝගීන් බවට පත්වූ අය සම්බ­න්ධ­යෙන් වාර්තා­වක් ලබන මැයි මස 30 වැනි­දාට පෙර අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලබා දෙන ලෙස ඉකුත් නඩු දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාට නියෝග කළ පරිදි එම වාර්තා ලද පසු පරී­ක්ෂණ ආරම්භ කරන බව ද නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *