සතිපතා වෙනස් වෙන ආහාර මිල, පාරිභෝගිකයින් අතට.

ආහාර ද්‍රව්‍ය අලෙවි කළයුතු මිල දැක්වෙන ඇස්තමේන්තුගත මිල පරාසයක් සතිපතා නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා ඇත. මෙහිදී එම අධිකාරිය විසින් ආනයනික රතු ලූනු සහ ලොකු ලූනු සඳහා ඇස්තමේන්තුගත මිල පරාසයක් නිකුත් කිරීමට පසුගිය දිනවල කටයුතු කළේය.

මෙහිදී ආනයනික ලොකු ලූනු කිලෝවක් රුපියල් 278ත් 306ත් අතර මිලකටත්, ආනයනික රතු ලූනු කිලෝවක් රුපියල් 384ත් 422ත් අතර මිලකටත්, ආනයනික රෝස ලූනු කිලෝවක් රුපියල් 305ත් 335ත් අතර මිලකටත් අලෙවි කළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඇස්තමේන්තුගත මිල පරාසයක් නිකුත් කරන ලදි.

මෙම මිල පරාසය සම්බන්ධව සතියකට වරක් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ (පාරිභෝගික කටයුතු සහ තොරතුරු) අසේල බණ්ඩාර පැවසුවේය.

මේ අනුව ලබන සතියේදී ආහාර ද්‍රව්‍ය කීපයකට ඇස්තමේන්තුගත මිල පරාසයක් ඉදිරිපත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා තිබේ.

භාණ්ඩ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම ප්‍රායෝගික නොවන තත්ත්වයක් වන බැවින්, ආහාර ද්‍රව්‍ය සඳහා මෙලෙස ඇස්තමේන්තුගත මිල පරාසයක් නිකුත් කරන බවත්, එම පරාසයට අනුව ඉදිරි කාලයේදී වෙළෙඳුන් විසින් ආහාර ද්‍රව්‍ය අලෙවි කරනු ඇතැයිද අධිකාරිය කියයි

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *