ඉන්ධන පරිභෝජනය වාර්තාගත අඩු වීමක්.

මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩු වීමට එක් හේතුවක් බවය.

කිසිදු හිඟයකින් තොරව සියලුම ඉන්ධන රට තුළ පවතින බව ද ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *