Thu. Sep 19th, 2024

කොළඹ, ගාල්ල, මහනුවර වගේම ත්‍රිකුණාමලය යන නගර ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැඟීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මධ්‍යම අධිවේගී මාර්ගය ගලගෙදරින් නොනවතා කටුගස්තොට දක්වා ගෙන යාමට ජපානයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙන බව ඔහු සඳහන් කළා.

ජාත්‍යන්තර දේශගුණ පරිවර්තන විශ්වවිද්‍යාලයක් කොත්මලේ ඇති කිරීමටත්, සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් ලෙස මහනුවර පුරවරය දියුණු කර ඊළඟ වසර 10 තුළ මහනුවර ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත්කරන්න සැලසුම් කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසුවා.

බෝගම්බර බන්ධනාගාරයේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කර ගනිමින් හිල්ටන් සමාගම සමග එක්ව හෝටලයක් බවට පත්කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *