ගාල්ලේ බන්ධනාගාර වෛරසය සමාජයට ගිහින් ද ? අටේ දැරියගේ මරණය ගැන සැකයක් එයි.

0
59

ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ මාරාන්තික මෙනින්ගොකොකල් රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇත්දැයි අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වූ ළදරු මරණයක මරණ පරීක්ෂණයේදී සැකයක් ඇති වී තිබේ.

ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේ පදිංචි මාස 08ක් වයසැති දැරියක් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (25) මියගොස් ඇති අතර එම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසන්නේ එම මරණය බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් රෝගය හේතුවෙන් සිදු වූ බවට සැකයක් පවතින බවයි.

එසේම, මියගිය දැරියගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු හැකි ඉක්මණින් සිදුකරන ලෙසත්, දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට සහ ඥාතීන්ට යම් රෝග ලක්ෂණයක් ඇත්නම් හැකි ඉක්මණින් රෝහල්ගතවන ලෙසත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.ජී.බී.ජයරත්න මහතා මියගිය දැරියගේ ඥාතීන්ට උපදෙස් ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here