මන්ත්‍රීගේ නෑදෑ නිවස කොල්ල කෑ බඩු අරගල ක්‍රියාකාරී සංගීත ශිල්පියාගේ නිවසේ.

මත් කරල් තොගයක් සමග අත්අඩංගුවට ගත් ප්‍රබල අරගල ක්‍රියාකාරී සංගීත ශිල්පියාගේ මඩපාත පොල්හේන නිවස තුළ තිබි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතාගේ ඥාති නිවස ගිනි තබා විනාශ කර කොල්ල කා තිබූ බැංකු පොත් සහ චෙක් පොත් තොගයක් සොයා ගත් බව කැස්බෑව පොලිසිය පවසනවා.

එම නිවසින් කොල්ල කන ලද චෙක් පොත් 3 ක් , රාජ්‍ය සහ පුද්ගලික බැංකුවවලට අයත් ඉතිරි කිරීමේ ගිණුම් පොත් 4 ක් , ඥාති දියණියට අයත් හැඳුනුම්පතක් සැකකරු ගංජා පැකට් කිරීම සඳහා යොදාගත් ඉටිකොල රෝලක් , පොලිස් භාරයට ගෙන තිබෙනවා.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 75769 මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මඩපාත ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදී පොල්හේන ප්‍රදේශයේ මාර්ගයේ රැඳී සිටි සැකකරු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ බෑගයේ තිබි මත්කරල් තොගයක් හමුවූ බව පොලිසිය පැවසුවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *