මේ ප්‍රදේශවලට ගංවතුර ඇති වෙන්න පුළුවන්.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා..

මේ හේතුවෙන් ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඊට අමතරව අත්තනගලු ඔය ද්‍රෝණියේ ජල මට්ටම ද ඉදිරි පැය 48 දක්වා වූ කාලයේ ඉහළ යාමත් සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් ගංවතුර අවදානමට ලක්ව තිබෙනවා.

මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 08කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *