Thu. Jul 31st, 2025

අපවත්වී වදාළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඥානිස්සර හිමියන්ගේ ශ්‍රී දේහය අවසන් ගෞරව සඳහා අද(03) උදෑසන සිට විහාරස්ථානයේ තැම්පත් කර තිබෙනවා. ආදාහන පූජෝත්සවය සඳුදා (05) සවස 4.30ට ගංගාරාම විහාරස්ථානයේ දී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි. අපවත්වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වූණා.

By Aloka