ගංවතුරේ විනෝද වූ 20කට විදුලි සැර වැදිලා.

ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් සෙසු පිරිස බේරි ඇතැයි බුලත්සිංහල පොලිසිය සඳහන් කළා.

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශයේ පදිංචි ලොකු සිංහාරච්චිගේ දමිත් කුමාර නැමැති තරුණයකු වන අතර එම තරුණයා ඊයේ (03) දින සවස විසි දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමග ගංවතුර සිරි නැරඹීමට බෝට්ටුවක ගමන් කර තිබෙනවා.

කණ්ඩායම ගමන් කළ බෝට්ටුව මියගිය තරුණයා විසින් පදවා ඇති අතර ඔහු රැගෙන ගිය ආධාරක කෝටුවක් ඉහළට ඔසවාගෙන ගමන් කිරීමේදී ඉහළින් තිබූ අධිසැර විදුලි කම්බියක ගැටීමෙන් එම තරුණයා ගංවතුරට ඇද වැටි තිබුණා.

බෝට්ටුව තුළ සිටි පිරිසටද විදුලි සැර වැදී බෝට්ටුව තුළම වැටී ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය කසඳහන් කළා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *