ඔබ ගෑස් බාවිතයේදී පිළිපැදිය යුතු සියලුම ආරක්ෂිත උපක්‍රම භාවිතා කල තිබුනත් ගිනි ඇවිලුණහොත් කුමක් කළ යුතුද?
මේ සේරමත් කරලා, බලාපොරොත්තු නොවූ විදියට ගෑස් ලීක් එකක් වෙලා සිලින්ඩරේ ගිනි ගැනීමක් සිදුවුවහොත්, පහත ක්‍රියාමාර්ග ගැන දැනුවත්ව සිටීම වඩා වැදගත් වේ.
- ගෑස් සිලින්ඩරේ පෙරලගන්න එපා! පෙරලුනොතින් ද්‍රව ගෑස් එළියට ඇවිල්ලා ගින්න පැතිරෙන්න පුළුවන් , පුළුවන් තරම් ගෑස් සිලින්ඩරේ කුස්සියෙන් ඉවත්කර ගන්න බලන්න, කවුරුවත් නැති තැනකට. කිසි ප්‍රශ්නයක් නැහැ, පිපිරීම් කිසිදෙයක් වෙන්නේ නැහැ. ගෑස් සිලින්ඩරේ කෙලින් සිටුවා තබා ඇති විදියටම අයින්කර ගන්න වගබලාගන්න.
- ගෑස් සිලින්ඩරෙත් එක්කම කුස්සිය ගිනි අරන් නම් වහාම හදිසි සේවා අමතන්න.
- ගෑස් සිලින්ඩරය කුස්සිය තුළ දීම නිවා දැමීමට උත්සාහ කිරීමට වඩා එළියට ගන්න උත්සහ කරන්න, එළියට අරගෙන හොඳට තෙත, වතුර වැක්කෙරෙන ගෝනියක් අරන් සිලින්ඩරය වැහෙන විදිහට දාන්න ඒක උඩට. එක වතාවකින් බැරි නම් දෙවතාවක් දාන්න, තුන් වතාවක් දාන්න. බොහෝ දුරට නිවෙනවා.
- ෆයර් එක්ස්ටින්ගිෂර් (ගිනි නිවන උපකරණය) එකක් තියෙනවා නම් ඔය ඩ්‍රයි පවුඩර් එකක් භාවිතා කරන්න, කාබන් ඩයොක්සයිඩ් වැනි ෆයර් එක්ස්ටින්ගිෂර් එකකින් බොහෝ දුරට ගින්න නිවීමේ හැකියාව තිබෙනවා.
- හැබැයි ගින්න නිව්වට පස්සේ, ගෑස් සිලින්ඩරේ රෙගියුලේටර්ස් අනම් මනම් ඔක්කොම පිච්චිලා ගිහින් තියෙන්නේ. ඉතින් එළියේ ගිහින් තිබ්බොත් ලොකු ඩැමේජ් එකක් වෙන්නේ, මොකද ගෑස් ලීක් එක නවත්තන්න බෑ. ගෑස් ලීක් වෙන්න ගන්නවා හතර වටේම. කාත් කවුරුවත් නැති ඒරියා එකකින් තියන්න කියන්නේ, ගෑස් එක නිවාගත්තොත් ඒක ඕෆ් කරන්න තැනක් නෑ. ගෑස් ලීක් වෙලා ලීක් වෙලා, ඔය කිට්ටුව මිනිස්සු ගිහින් සිගරට් එකක් බිව්වොතින්, කෝල් එකක් ගත්තොතින්, වාහන පාරේ ගියොතින් එහෙම අනිවාර්යයෙන් ගිනි ගන්න පුළුවන් සැලකිලිමත්ව කටයුතු කරන්න.
ඉහත උපක්‍රම සියල්ල අවස්ථානෝචිතව ක්‍රියාත්මක කිරීමට ඔබ වගබලා ගැනීමෙන් ඔබත් ඔබේ පවුලේ අයගෙත් ආරක්ෂාව තහවුරු සහතිකකරගන්න.