Fri. Oct 18th, 2024

ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුවෙන් පසුගිය මැයි සහ ජුනි මාසවල සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ඉහත හේතූන් මත සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ට අදාළ නිවාඩුව ලැබෙනු ඇති.

ඒ සඳහා සුදුසුකම් ලබනුයේ ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුවෙන් සිය පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානය වෙත පොදු ප්‍රවාහන සේවා ඇනහිටීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වු නිලධාරීන්ට සහ මාර්ග අවහිර වීම, ව්‍යවසනයන්ගෙන් විපතට පත්වීම, අවතැන් වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන්ට බව සඳහන්.

ඒ සම්බන්ධ සම්පූර්ණ විස්තරය පහතින්…

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *