පසුගිය 17වනදා ගොඩකවෙල ප්‍රදේශයේදී ලිට්රෝ ගෑස් සමාගමේ නව බෙදාහැරීමේ පර්යන්තයක් විවෘත කෙරුණා.
එම නව අංගනය විවෘත කෙරුණේ කහවත්ත, පල්ලෙබැද්ද, ගොඩකවෙල, සංඛපාල, ඇඹිලිපිටිය, උඩවලව සහ සූරියකන්ද යන ප්‍රධාන නගර මූලික කරගනිමින්.
ඉහත සඳහන් ප්‍රදේශවල මුළු ජනගහනය 318,315ක් වන අතර නිවාස 79,579ක් පිහිටා තිබෙනවා.
ගොඩකවෙල ප්‍රදේශයේ විවෘත කෙරුණු මෙම නව අංගනය ලිට්රෝ ගෑස් ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන මුදිත පීරිස් මහතාගේ දැක්මකට අනුවයි ස්ථාපනය කර ඇත්තේ.
මෙම නව පර්යන්තය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ජනක පතිරත්න මහතාගේ (අධ්‍යක්ෂක – විකුණුම් සහ අලෙවි / ආයතනික සම්බන්ධතා ලිට්රෝ ගෑස් ලංකා සමාගම) ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව දර භාවිතය අවම කර ,දර භාවිතය නිසා සිදුවන ගෘහස්ථ වායූ දූෂණය අවම කිරීම අදාළ නව පර්යන්තය විවෘත කිරීමේ මුලික අරමුණ වන බවයි ඔවුන් පවසන්නේ.
ඊට අමතරව ඒ තුළින් ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමේ හැකියාව ලැබෙන බවත් ඔවුන් අවධාරණය කරනවා.
එසේම කුඩා පරිමාණයෙන් ව්‍යාපාර කරන ව්‍යාපාරිකයින්ට අතහිත දීම සහ ඒ තුළින් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමද ඔවුන්ගේ අරමුණු අතර වනවා.
ගොඩකවෙල ප්‍රදේශයේ නව බෙදාහැරීමේ පර්යන්තය විවෘත කරන අවස්ථාවේ ගර්භනී කාන්තාවන් සඳහා වියළි ආහාර ඇසුරුම්, පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා නව ගෑස් සිලින්ඩර ලබාදීම සිදුකෙරුණා.