GALLERY GOSSIP

කාවින්ද්‍යා අධිකාරි, පරණ ඡායාරූප ටිකක් හදිසියේම බුකිය අවුලයි..

Written by Aloka

කාවින්ද්‍යා අධිකාරි කියන්නෙ ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දෝණි. එහෙම වුණත් තමන්ගේම අනන්‍යතාවයකින් ඉතාමත් කෙටි කලකින් ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න ඇයට හැකියාව ලැබුණා.

නිවේදිකාවක් වගේම, ගායන ශිල්පිනියක් ද වුණු ඇය, අනතුරුව ‘ඝරසර්ප’ වැනි සුවිශිෂ්ඨ නිර්මාණ තුළ කාගෙත් අවධානය දිනූ අතිදක්ෂ රංගන ශිල්පිනිය ද වුණා.

සමාජ මාධ්‍ය නිතරම අලුත් කරන කවී, මීට මොහොතකට කලින් ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට ඡායාරූප පෙළක් එක් කර තිබුණා.

ඒ, ඇගේ මවගේ සහ පියාගේ (සමිතා සහ අතුල) ඡායාරූප පෙළක්.

කවී ඇගේ පළමු උපන්දිනය සැමරූ ඡායාරූපයක් ද ඒ අතර වුණා.

About the author

Aloka

Leave a Comment