GOSSIP

පළමු බිරිදගේ අනියම් පෙම නිසා නැවතත් විවාහ වූ මහේල ජයවර්ධනගෙන් ඇහෙන අලුත්ම කතාව.

Written by Aloka

ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම ආදරය දිනාගත් ක්‍රිකට් තරුවක් තමයි මහේල ජයවර්ධන කියන්නේ. කාලයක් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මහේල පසු කාලීන කණ්ඩායමෙන් සමුගත්තත් නැවතත් ඔහු උපදේශකවරයෙකු ලෙස අපේ රටේ ජාතික කණ්ඩායමට ඔහුගේ දායකත්වය ලබාදීමට සුදානමිනුයි සිටින්නේ.

මගේලගේ සම්පුර්ණ නම ‘දෙනගමගේ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන’ යන්නයි. වර්ෂ 1977 මැයි මස 27 වැනිදා උපන් මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අති දක්ෂ දකුණත් පිතිකරුවෙක්

. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුර ද දරන්නේ මහේල විසින්. 2006 දී ඔහු ටෙස්ට් තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කල වැඩි ම ලකුණු සංඛ්‍යාව වන 374 දකුණු අප්‍රිකාවට එරෙහිව මව්බිමෙදී ලබා ගන්න මහේලට හැකිවුනා. ඒ වගේම ටෙස්ට් ලකුණු 10,000 හා 11,000 සීමාව පසු කල පලමු ශ්‍රී ලාංකිකයා ද වන්නේ මහේල ජයවර්ධනයි.

ඒ වගේම 1999 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව එක්දින තරඟ වලදී වැඩිම දුවද්දී දවා ගැනීම් ලබාගත් පන්දු රකින්නා වෙන්නෙත් මහේල ජයවර්ධනයි. මහේලට එක බාල සහෝදරයෙක් සිටි නමුත් ඔහු වයස 16 දී මොළයේ පිළකාවකින් මෙලොව හැරයනවා.

එම සිදුවීම මහේලට විශාල මානසික බලපෑමක් ඇති කළ සිදුවීමක් කියලා මහේල විසින් පසුකාලීනව මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පවසලා තිබුනා. ඒ වගේම තම සහෝදරයා වෙනුවෙන් පිළිකා ව්‍යාපෘතියක් වන ‘Hope’ ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගන්නවා. මේ වනවිට එම වැඩසටහනේ ප්‍රධාන වැඩසටහන් ප්‍රවර්ධකයා බවට පත්වී සිටින්නේත් ඔහුයි. කෙසේ නමුත් කාලයකට පසු මහේලගේ පෞද්ගලික ජීවිතයේ වෙනසක් සිදුව තිබෙනවා.

ප්‍රථමයෙන්ම මහේල විවාහ වෙන්නේ 2005 වසරේදී. ඒ සංචාරක උප‍දේශිකාවක් වන ක්‍රිස්ටිනා මල්ලිකා සිරිසේන සමගයි. එම විවාහයෙන් මහේලට එක් දියණියක් සිටින අතර ඇය ‘සන්සා ආර්යා ජයවර්ධන’ යි. කොහොම වුනත් මේ වනවිට මහේල එම විවාහයට සමුදීලා පසුගිය 18 වනදා යළිත් විවාහ දිවියට පිවිසෙනවා.

එයට හේතුව ක්‍රිස්ටිනාගේ අනියම් පෙම් පලහිලවුවක් කියලයි වාර්තා වන්නේ. මෙවර මහේල විවාහ වන්නේ ගුවන් සේවිකාවක් වගේම ශරීර යෝග්‍යතා උපදේශිකාවක් සහ නිරූපන ශිල්පිනියක් වන නටාශා මාකලන්ද සමගයි.

About the author

Aloka

Leave a Comment