Paththare

Official Paththare Web Portal

රාජපක්ෂ ලේලියන්ට දිනක්ෂිගෙන් සැරම සැර ප්‍රකාශයක්..

දක්ෂ රංගන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් ලෙස කලාවට පිවිසෙන ඇය මේ වන රංගන ශිල්පියෙකුගේ ආදරණිය බිරිඳක්. ඒ වගේම ආදරණිය මවක්

. කලාව කියන දේ ඇයට අලුත් දෙයක් නොවන්නේ කලා පවුලකින්ම ඉපදුන නිසා. දියණියන තුන් දෙනෙකු⁣ අතරින් වැඩිමල් දියණියක් වන ඇය නමින් දිනක්ෂි ප්‍රියසාද්.කලාවට පැමිණි කාලයේ සිට ඇය එකට දිගට සම්මාන හතකට උරුමකම් කිවුවා. අවුරුදු හතකට සම්මාන හතක් ලබන්න තරම් ඇය වාසනාවන්ත රංගන ශිල්පිනියක් වුනා.

ඒ ගැන ඇය කාලයකදි පැවසුවේ “අවුරුදු හතක් එක දිගට සම්මාන හතක් ගත්ත නිළියක් මම” යනුවෙන්. තමන්ට ලැබෙන නිර්මාණ වලට උපරිම සාධාරණත්වයක් ඉෂ්ඨ කරන ඇය කාලයක්⁣ සිනමාවේ නැවත දකින්න නොලැබෙන එකක් නෑ.එයට හේතුව ඇය අලුතින් ලැබු මව් පදවියත් සමඟ. පුංචි දු පැටියෙකුට ආදරණිය මවක් වෙන ඇය ආදරණිය දියණියක් මෙන්ම ආදරණියක් බිරිඳක් වෙනවා.

සාරංග පවසන ලෙසට ඇය වදනයෙන් පරිසමාප්ත බිරිඳක්. ඒ වගේම පවුල් ජිවිතේ තුළ දිනක්ෂි මනා වු තේරුම් ගැනිමකින් කටයුතු කරනවා. පවුල් ජිවිතේ සාර්ථකව ගෙනියන්න ඇයගෙන් ලැබෙන සහය මෙන්ම ඇය කරන කැප කිරිම වචනයෙන් කියන්න බැරි බවයි ඔහු තවදුරටත් දිනක්ෂි ගැන පවසමින් කියා සිටියේ

.දිනක්ෂි කියන්නේ බොහොම සතුටින් කාලය ගත කරන නවක පරපුරේ රංගන ශිල්පිනියක්. බොහෝ දෙනෙක් පවසන්නේ ඇගේ නළදත නිසා ඇය සුන්දර වි ඇති බවයි. ඇයකලාවට පිවිසෙන්නේ මුලින්ම වෙළඳ දැන්විම් හරහා. ඉන් පසුව රංගනයට එකතු වෙනවා. මවක් වුවත් සුන්දරත්වය අතින්නම් දිනක්ෂි තවමත් එදා මෙන්ම සිටියි. මවක් වෙන්න කලින් එක දිගට රංගනයේ නිරත වුනත් ඇය පවසා සිටියේ

“මම සම්බන්ධ වෙන්නේ හොද නිර්මාණ කිහිපයකට පමණයි. ඒ වගේම මම සල්ලිම බලාපොරොත්තුවෙන් කලාවට එකතු වෙලා නෑ. සමාජය වෙනුවෙන් නිර්මාණ තුළින් දෙයක් කරන්න ඇගේ බලාපොරොත්තුව බවයි පවසා සිටියේ.”ඉතින් ඒ වගේම පසු ගිය දිනවල රටේ ඇති වුනු කලබල සහ සියලු දේ අලලා එකතරා කෙනෙකු පල කර පොස්ට්ටුවක් දිනක්සි මේ විදිහට පල කර තිබුනා.

චිමිණි සහ ජෙට්යානා යන දෙදෙනාම නොදරුවන් නොවන බව ඇත්තකි. තමන්ගේ සහකරුවන් මහජන මතයට කන් නොදී මේ රටට කෙලවනකල් බලන් හිටිය එකට සහ රටේ මිනිස්සුන්ව ගොනාට අන්දවා කරන ලද සෙල්ලම් ඔවුන් නෑසුන්කන්ව ඉවසා සිටීම හේතුවෙන් දෙදෙනාම වැරදි කාරියන් වේ. ඒ සදාචාරාත්මක උසාවියේදී පමණක්ය. එහෙත් ඔවුන් දෙදෙනා වෙත මුදාහරින අසහනය කිසිසේත්ම අනුමත නොකරමි. ගණුදෙනුව බේරාගත යුත්තේ නාමල් සහ රෝහිත සමඟය.

කෙලින් පාරෙන් ආ යුතුය. මීට වඩා යහපත් සමාජයක් අපට ඕනනම් අප මීට වඩා යහපත් වියයුතුමය. සතුරාට වඩා හොඳ විය යුතුය. ලංකාවේ අසහනකාරීත්වය ඉතාම ඉහලය. ඊට මේ රටේ සාර්ථකව මුහුණ දෙන ගැහැණු දෙදෙනෙක් ඇත. කෙනෙක් Yureni Noshika ය. ඇය තමන් අප්ලෝඩ් කරන බොහෝ පින්තූරවල කැප්ෂන් වන්නේ“යටට ඇඳලා නෑ. ආයෙ ආයෙ ඒ ගැන අහලා කමෙන්ට් කරන්න එපා” කියලාය.

ඇය සාර්ථකව ලංකාවේ අසහන කාරයන්ට සහ කාරියන්ට උත්තර දෙමින් ඇත. අනෙක් ගැහැණිය නම් Dinakshie Priyasad ය. බොහෝ කාලයක සිට ඇය අසහනකාරී කමෙන්ට්වලට නිර්භයව උත්තර දෙමින් ඇත. ඇයගේ ඉතිහාසය ගැන සාරංගලාටත් වඩා වදවෙන ලංකා අසහනකාරයින්ට සහ කාරියන්ට ඇය කදිම ලෙස පිළිතුරු දෙමින් ඇත. අපි මනුෂ්‍යයින් නිසා වැරදි කරන්නෝ වෙමු. නිවැරදි කර ගැනීමටත් අපට හැකි වන්නේ අප මනුෂ්‍යයින් නිසාමය. හිරෝෂිමා නාගසාකි කුඩුපට්ටම් වෙලා ගිහින් ආයෙත් ඒ මතින් සකුරා මල් පිපෙනවා. එතකල් උන්ට වඩා හොඳ එවුන් වෙමු.” කියලා.