Paththare

Official Paththare Web Portal

60 පැනපු ජ…. වගේ නළුවොන්ගේනුත් බේරෙන්න බැහැ. හැබැයි ඔහු විනීත පුද්ගලයෙක්.. දර්ශන් ගැන අයෝමා සංවේදී වෙයි..!

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් නික්ම ගිය දර්ශන්, සම්මාන රැසක්ම තමන් සන්තක කරගත්ත අතිදක්ෂයෙක්.

ඔහු කිහිප වරක්ම ප්‍රවීණ නිළි අනෝමා ජනාදරී සමඟත් රංගනයේ නියැලුණා.

දර්ශන්ගේ හදිසි නික්ම යාම ගැන ජනාදරී මුහුණු පොතේ තැබූ සටහනකි මේ..

සටහන – .අනෝමා ජනාදරී….
නිර්මාණ කිහිපයක අපි එකට රඟපෑවා.ඒ හැම එකක්ම පාහේ ලිංගික ජවනිකා තිබුණා.ලිංගිකත්වයට බර චරිත තිබුණා.රඟපෑමේ දී ඔහු පුදුම සහයෝගයක් ඵල කරන නළුවෙක්. සංවේදී නළුවෙක්.
සිංහල නළුවෝ එක්ක රඟපාලා ගෙදර යන අතරමග දී අයුතු ලිංගික යෝජනා එනවා.වයසට ගිය 60 පැනපු ජයසිරිලා වගේ නළුවොන්ගේනුත් බේරෙන්න බැහැ.
දර්ශන් අද වෙනතුරු තරුණ නළුවෙක් හැටියට ගෞරවණීය ලෙස මට සැලකුවේ.
ඔහුට ඕන වුණා ඉන්දියාවේ ලයිසන් නළුවෙකු වෙලා ඉහළට යන්න.එහෙම අවස්ථා පවා ඔහුට ලැබුණා.ඒත් ඔහු අපේ ක්‍ෂේත්‍රයේ ඉන්න කැමති වුණා.
ඒ වගේම ඔහු ‘සුනාමි’චිත්‍රපටයේ රඟපෑමට සම්මානයක් ලැබේවි කියලා දැඩි විශ්වාසයකින් හිටියා…
වයස 41 ක් කියන්නේ මැරෙන්න ඕනේ වයසක් නෙවෙයි.හැබැයි ඔහු ගංජා,අරක්කු,සිගරට් අසීමිත ලෙස බොන නළුවොන්ට පණිවුඩයක් දීලා තියෙනවා..