ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද.

රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අද (01) සේවා ව්‍යවස්ථාවක් ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව පවසනවා.

ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමග එම සාකච්ඡාවට පැවැත්වීමට නියමිත බවයි එහි ජාතික සංවිධායක සුමිත් කොඩිකාර මහතා පවසන්නේ.

කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් සිය ගැටලුවලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි ඒ ,මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *