ගුරු – විදුහල්පතිවරුන් හෙට සිට අකුරට වැඩ. සති දෙකකට පසු වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි වෙයි

හෙට (22) සිට සති දෙකක් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තතීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ, පවතින වැටුප් විෂමතාවලට විසඳුම් ඉල්ලමින්.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගිය 19 වැනිදා අධ්‍යාපන බලධාරින් අතර පැවැත්වුණා.

ඊට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරින් එක්ව සිටි බව සඳහන්.

එහි දී පවතින වැටුප් විෂමතා ගැටලු සම්බන්ධයෙන් පිළිගත හැකි යෝජනා ඉදිරිපත් නොවූ බවයි, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් අවධාරණය කළේ.

ඒ අනුව ලබන 22 වැනිදා සිට ක්‍රියාත්මක කරන අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව ද උන්වහන්සේ අවධාරණය කළා.

ඉන් අනතුරුව රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව ද පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් අනතුරු ඇඟවීමක් සිදු කළා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *