ගුරු විදුහල්පතිවරුන්ට ජල ප්‍රහාර.

ගුරු – විදුහල්පති විරෝධතාව විසුරවා හැරීම සඳහා ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ ලෝටස් මංසන්ධිය ඉදිරිපිටදීයි.

අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද (26) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කළා.

එහිදී විරෝධතාවය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි නියෝගයක්ද නිකුත් කර තිබුණා.

ගුරු විදුහල්පති විරෝධතාවය හේතුවෙන් කොටුව, ලෝටස් පාර සහ සෙසු ප්‍රදේශ රැසක මේ වන විට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා.

පාසල් ගුරු – විදුහල්පතිවරුන් අද (26) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණේ වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

මේ හේතුවෙන් දිවයිනේ පාසල් රැසක අධ්‍යාපන කටයුතු අද නතර වුණා.

ගුරුවරුන් නොමැතිවීමෙන් ඇතැම් පාසල්වල දරුවන් යළි නිවෙස්කරා රැගෙන යාමට මව්පියන් කටයුතු කර තිබුණා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *