ගුවන් යානයක කැළඹීමෙන් මියගියේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් – 71කට තුවාල.

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී මියගිය පුද්ගලයා 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බව විදෙස් මාධ්‍ය පවසනවා.

ගුවන් යානය තුළ ඇතිවූ මෙම කැලඹිලිසහගත තත්ත්වය හේතුවෙන් තවත් ගුවන් මගීන් 71 දෙනෙකු තුවාල ලැබුවා.

මැලේසියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, ස්පාඤ්ඤය, එක්සත් ජනපදය සහ අයර්ලන්තය යන රටවල පුරවැසියන් මෙලෙස තුවාල ලබා තිබෙනවා.

ඉන් ගුවන් මගීන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

මෙම තත්ත්වය ඇතිවන අවස්ථාවේ එම යානයේ මගීන් 211 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 18 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම තත්ත්වයෙන් පසුව බොයිං වර්ගයේ මෙම ගුවන් යානය බැංකොක් වෙත හරවා යවා ඇති බවයි.

ගුවන්යානය හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලා ඇති අතර ගොඩබෑමට මිනිත්තු 10කට පෙර මෙම අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මගීන් 211 දෙනාගෙන් 131 දෙනෙකු පසුව සිංගප්පූරු ගුවන් සේවයට අයත් වෙනත් යානයකින් ගමනාන්තය වෙත යොමුකර තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *