හිඟුරාන සීනි ඉතිහාසගත වාර්තාවක.

ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වා ගෙන යනු ලබන හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව මෙවර කෙටි ඇඹරුම් වාරයේදී හිගුරාන සීනි ඉතිහාසය වෙනස් කරමින් උක් ටොන් 1,11,272 ක් අඹරා තිබෙනවා.

හිගුරාන සීනි සමාගම ආරම්භ කර වසර හැටකට වැඩි කාලයක් ගතවී ඇති අතර කෙටි ඇඹරුම් වාරයක දී උක් ගස් වැඩි ම ප්‍රමාණයක් ඇඹරූ ප්‍රථම අවස්ථාව මෙය බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරාත් පෙරේරා මහතා පැවසුවා.

මීට පෙර හිගුරාන සීනි කර්මාන්තශාලාවේ කෙටි ඇඹරුම් වාරයක දී අඹරා ඇත්තේ උක් ටොන් 95,000 ක් බව ද සදහන්.

දැනට ගල්ඔය වැවිලි සමාගම යටතේ උක් ගොවීන් 10,000 ක් පමණ සම්බන්ධ වී ඇති බව ගල්ඔය වැවිලි සමාගමේ කෘෂිකර්ම දෙපාර්මේන්තු ප්‍රධානි තුෂාර සමන් කුමාර මහතා කියා සිටියා.

ගොවීන්ට අවශ්‍ය මූලික පහසුකම් ගල්ඔය වැවිලි සමාගමෙන් ලබාදෙන අතර හිගුරාන ඉතිහාසයේ පළමු වරට උක් ගොවීන්ට බෝනස් ලබාදීමට කටයුතු කළ බව ද සදහන් කළා.

මෙවර කෙටි ඇඹරුම් වාරයේ දී සිනි මෙට්‍රික් ටොන් 6958 ක් නිෂ්පාදනය කළ බව නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (කර්මාන්ත) සමන්ත කුමාර මහතා පැවසුවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *