හිරුණිකාගේ ඇප ඉල්ලීමට අද අධිකරණයෙන් ලැබුණු තීන්දුව.

බරපතළ වැඩසහිතව වසර තුනක සිර දඬුවම් නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

මෙම ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදී සලකා බලනු ලැබුවා.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බව හා එම විරෝධතා ලිඛිතව ගොනු කිරීම සඳහා කල්ලබා දෙන ලෙසයි.

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇප ඉල්ලීම යළි ලබන 11 වනදා කැඳවන ලෙසටත් නියෝග කළා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *