මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇඳ මත සිටි කාන්තාවක් මරලා.

එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සිටින නිවසකට අද (11) අලුයම මුහුණු ආවරණය කරගෙන ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එක් සහෝදරියකට නිවසේ ඇඳ මතදි තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය සඳහන් කළා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හොරණ මීවනපලාන සිරිල්ටන් වත්ත පදිංචි උඩ කන්දගේ රමණී සකුන්තලා 58 හැවිරිදි කාන්තාවකි.

ඝාතනයට ලක් වූ කාන්තාව බංගලාදේශ ජාතිකයෙකු සමග විවාහ වී සිටින අතර ඔහු එරට පදිංචිව සිටින බවත් ඇය බාල සහෝදරිය සමඟ මෙම නිවසේ ගත කරන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඉංගිරිය හල්වතුර ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් වන බාල සහෝදරියද මීට සති තුනකට පමණ ඉහතදී මෙම නිවසට පැමිණි නවාතැන් ගෙන ඇති අතර පෙරේදා (10 ) රාත්‍රී ඔවුන් දෙදෙනා දොරවල් වසා නින්දට ගොස් ඇති බව නැගණියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *