නිවාස අලුත්වැඩියා කරන්න 15,000කට ණයක්.

“සැමට නිවහන” වැඩසටහන යටතේ නව නිවාස ණය 15,000කට ලබාදීම මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරියේ සභාපති රජීව් සූරියාඅරච්චි පැවසුවේ නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා මෙම නිවාස ණය ලබා දෙන බවයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හරහා මෙම නිවාස ණය ප්‍රතිලාභීන්ට දෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *