අයිස් කිලෝ 03ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.

පුත්තලම – කුරිඤ්ඤම්පිටිය ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03ක් සමඟ 30 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

යුක්තිය මෙහෙයුමට සමගාමී ව ඊයේ (13) ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොළඹ බලා යාම සඳහා අක්කරෛපත්තු බස් රථයට නැගී කොළඹ දෙසට ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නි‍යමිත බව වාර්තා වේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *