ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැඩියෙන් ම ණය වී ඇති රටවල් අතරට ශ්‍රී ලංකාවත්.

0
85

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වැඩිම ණය මුදලක් ලබාගෙන ඇති පළමු රටවල් 20 අතර ශ්‍රී ලංකාවට 19 වන ස්ථානය හිමිව ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ, World of Statistics විසින් නිකුත් කර ඇති වාර්තාවකින්.

එහි දී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.14ක්.

මෙම රටවල් අතර ප්‍රථම ස්ථානයේ පසුවන්නේ අර්ජන්ටිනාවයි.

එහි දී ඔවුන් අමෙරිකානු ඩොලර් බිලියන 32.45ක ණය මුදලක් ලබාගෙන ඇති බව සඳහන්.

දෙවන ස්ථානයේ පසුවන ඊජිප්තුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10.98ක්.

යුක්‍රේනය ඩොලර් බිලියන 8.40ක ණය මුදලක් ලබාගෙන අදාළ ලැයිස්තුවේ තෙවන ස්ථානයේ පසුවනවා.

එහි සිව් වන ස්ථානයට පත්ව ඇත්තේ, ඩොලර් බිලියන 8.40ක ණය මුදලක් ලබාගෙන ඇති පාකිස්ථානයයි.

ඩොලර් බිලියන 1.35ක ණයක් ලබාගෙන ඇති බංගලාදේශය මෙම ලැයිස්තුවේ 16වන ස්ථානයේ පසුවීමත් විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here