ඉන්ධන මිල අඩුවෙන්නේ මෙහෙමයි.

0
78

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 රුපියල් 3කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 368කි. ලංකා පෙට්‍රල් 95 රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 420ක් ලෙසයි.

මේ අතර ලංකා සුදු ඩීසල් රුපියල් 30කින් අඩු කිරීමටද පියවර ගෙන තිබෙනවා ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 333කි.

එමෙන්ම සුපිරි ඩීසල් රුපියල් 9කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 377ක් ලෙසයි.

මේ අතර භූමිතෙල් මිලෙහිද සංශෝධනයක් සිදුකර ඇති අතර ඒ අනුව 245ක් ලෙස පැවැති ලංකා භූමිතෙල් මිල රුපියල් 215 දක්වා රුපියල් 30කින් අඩු කිරීමටද ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here