අවුරුදු සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක්.

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

රටේ ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති අතර ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සියලු ඉන්ධනහල් හිමියන් දැනුවත් කිරීමට ද කටයුතු කර ඇති බව එම සංස්ථාව පෙන්වා දෙයි.

බෙදුම්කරුවන්ගේ ඉන්ධන ඇනවුම් ක්‍රියාවලිය පහසුකරලීම සඳහා ලබන 15 වන දින දක්වා චෙක්පත් මගින් ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

මෙම කාලපරිච්ඡේදය තුළ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ටැංකි රථ යෙදවීමට ද තීරණය කර ඇති බව ඛණිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *