පුතුගේ අකීකරුකම ඉවසාගත නොහැකි තැන, අහස පොළොව නුහුලන අපරාධයක් කළ මවක්.

ඉන්දියාවේ ත්‍රිපුර ෂෝකර් හි මවක්, සිය නව හැවිරිදි පුතුගේ ගෙල සිරකර මරණයට පත්කර තිබෙනවා.

ඉදිකිරීම් වැඩබිමක දෛනික කම්කරුවෙකු ලෙස සේවය කරන සුප්‍රභා බාල් නැමති මෙම කාන්තාව පාපොච්චාරණය කර ඇත්තේ, පුතුගේ “අකීකරුකම” නිසා තමා මෙවන් තීරණයක් ගත් බවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව සුප්‍රභාගේ සැමියා අතුරුදන්ව ඇති අතර දියණිය විවාහකය. ඇය රැකියාව කරමින් පුතුව තනිවම ඇති දැඩි කරැති බව සඳහන්.

එලෙස තමා පුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වුවද ඔහුගේ නොමනා හැසිරීම් පාලනය කිරීමට නොහැකි වූ බවයි ඇය පවසන්නේ.

එවන් තත්ත්වයක් උඩ පුතුගේ “අකීකරු” හැසිරීම නිසා කලකිරුණු තමා ඔහුගේ ගෙල මිරිකා මරා දැමූ බවයි පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම පුත්‍රයා ඉගෙනීම ද නොසලකා හරිමින් මුදල් සොරකමේ පවා ගිය බව ඇය පවසා තිබෙනවා.

එයාකාර ඔහුගේ ක්‍රියාකලාපය තමාට රැකියාවට යාමට හෝ සාමකාමීව ජීවත්වීමට සිත් නොදුන් නිසාවෙන් මෙලෙස පුතුව මරා දැමීමට තීරණය කළ බවත්, ඒ වෙනුවෙන් තමා හිරේ යාමට වුවද සූදානම් බවයි සුප්‍රභා පාපොච්චාරණය කර ඇත්තේ.

කෙසේ නමුත් පොලිසිය නිවසට පැමිණෙන විටත් ඇය පුතුගේ සිරුර අසල වාඩි වී බලාගෙන සිටි බව සඳහන්.

ඝාතනය සඳහා යොදාගත් බව කියන ලණු කැබැල්ලක් සහ පොලු කැබැල්ලක් ද නිවසේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *