ඉන්දියාවේ ළමා රෝහලක හදිසි ගින්නක් – ළමුන් 7දෙනෙකු මරුට.

ඉන්දියාවේ ළමා රෝහලක හදිසි ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ගින්න හේතුවෙන් කුඩා ළමුන් 7දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවයි.

මෙම ගින්න හටගෙන ඇත්තේ දිල්ලි හි විවේක විහාර් හි ළමා රෝහලකය.

ගින්න ඇතිවූ අවස්ථාවේ අලුත උපන් බිළිඳුන් 12 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් බේරාගැනීමට සමත්ව ඇති බව එම වාර්තා සඳහන් කරනවා.

බේරාගත් බිළිඳුන් ආසන්න රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *