ඉරානය ඊශ්‍රායලයට ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර දෙසීයක් එල්ල කරයි.

0
58

ඉන් බහුතරයක් සිය ගුවන් සීමාවට ඇතුළු වීමට පෙර ඊශ්‍රායලය වළක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම මෙහෙයුම සඳහා බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු හමුදා නිලධාරින් ද එක්වී සිටි බව සඳහන්.

කෙසේ වෙතත් ඊශ්‍රාලයේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති හමුදා කඳවුරට සුළු හානි සිදු වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් සිදු වී නැහැ.

මේ වනවිට බොහෝ රටවල් මැදපෙරදිග ගුවන් කලාපයට සිය යානා ඇතුළු කිරීම අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඊශ්‍රායලයේ මිත්‍ර බටහිර රටවල් සහ එක්සත් ජාතින්ගේ කාර්යාලය ඉරාන ප්‍රහාර හෙළා දැක ඇති බව සඳහන්.

ඊශ්‍රායල විසින් සිදු කර ඇති ඉල්ලීමකට අනුව ‍ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැස්වීමක් අද (14) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

එමෙන් ම ඉරාන ප්‍රහාරයට සැලකිය යුතු ප්‍රතිප්‍රහාරයන් එල්ල කරන බවට ඊශ්‍රායල බලධාරින් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකතන සංවාදයක් ද සිදු කර තිබෙනවා.

අර්ජන්ටිනාවේ ජනාධිපති ජේවියර් මිලෙයි ඊශ්‍රයාලයට සහය පළ කරන බවට ප්‍රකාශ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here