ඉරාන ජනාධිපතිගේ හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය හමුවේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා.

එහිදී තත්ත්වය එතරම් “‍යහපත්” මට්ටමක නොවන බවට ඉරානයේ Red Crescent සමාජයේ ප්‍රධානියා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක් කඩා වැටුණු ස්ථානය සෙවීමට තුර්කි ඩ්‍රෝන යානයක් එරට නැගෙනහිර අසර්බයිජාන් පළාතේ කඳුකර ප්‍රදේශයට යොමු කර ඇති අතර අනතුරුව උණුසුම් තාප ප්‍රභවයක් සහිත ස්ථානයක් හඳුනා ගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ තුර්කි ප්‍රවෘත්ති ඒජන්සිය සදහන් කර තිබුණා.

මේ අනුව දැවෙන ස්ථානයක් හඳුනාගෙන ඇති අතර, තාවිල් ලෙස හඳුන්වන එම ප්‍රදේශයට ගලවා ගැනීමේ හමුදා යවා තිබෙනවා.

ඝන මීදුම සහ අධික ශීතල සහිත දුෂ්කර කාලගුණික තත්ත්වයන් යටතේ කඩා වැටුණු ස්ථානය සොයා ගැනීම සඳහා සෝදිසි කිරීමේ උත්සාහයන් සඳුදා රාත්‍රිය පුරා සහ මේ දක්වා අඛණ්ඩව සිදු වනවා.

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ටවිල් ගම්මානය අසල හෙලිකොප්ටර් අනතුරට ලක් වූ ප්‍රදේශයේ අවම වශයෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් 73 ක් මෙහෙයුම් සදහා එක් කර ඇතැයි ද රතුකුරුස සංවිධානය සදහන් කරනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *