ජනාධිපති මැතිවරණය ඔක්තොබර් 17..?

ජනාධිපති මැතිවරණය මේ වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාලිය නොහැකි බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

විජයදාස රාජපක්ෂ මහතා ඒ බව කියා සිටියේ කඳුරට ජනතා පෙරමු‍ණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වි රාධාක්‍රිෂ්ණන් මහතා හැටන් නගරයේ පැවැත්වූ එම පක්ෂයේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙවර ජනාධිපති මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මැතිවරණයේ තීරණාත්මක ශක්තිමත් පක්ෂයක් ලෙස කටයුතු කරන බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *