මෙවර ජනාධිපතිවරණයේ දී සිදුවන අලුත් දේ.

මෙවර ජනාධිපතිවරණයේ දී දෘෂ්‍යාබාධිත සහ ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැලසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මෙරට ඡන්දයකදී මෙම අවස්ථාව ලබාදෙන්නේ පළමුවරටයි.

දෘෂ්‍යාබාධිත ප්‍රජාවට බ්‍රේල් ක්‍රමයෙන් ඡන්ද පත්‍රිකාවේ සලකුණු හඳුනා ගැනීමට හැකිවන පරිදි විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට සංඥා භාෂාවෙන් ඡන්ද පත්‍රිකාව පිළිබඳ දැනුවත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළා.

එක් එක් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කරන දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත පිරිස් ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන බව ඔහු පැවසුවා.

මීට අමතරව ශාරීරික දුබලතා ඇති පුද්ගලයින්ට ඡන්ද මධ්‍යස්ථාන සඳහා ප්‍රවේශ වීමට විශේෂ පහසුකම් සලසන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *