ජනවාරිය දක්වා වෙනස් නොවන බද්දක්.

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බවත්, දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ඒ් වෙනුවට තීරු බද්ද හා බැඳුණු නව බද්දක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳ පලට පැමිණෙන වකවානුවේදී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණිකව හඳුන්වා දිය හැකි බද්දක් ලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉතා වැදගත් වු බවයි.

නමුත් එම බද්ද පනවන වකවානුව තුළ රට තුළ ඇති භාණ්ඩ තොග සඳහා වැඩි අගයක් ආරෝපණය වීම, එසේම එම බද්ද අඩුකළ අවස්ථාවලදී රටතුළ ඇති භාණ්ඩවල මිල ගණන් අඩු නොවී අපේක්ෂා කළ සහනය ජනතාවට නොගොස් ව්‍යාපාරිකයා පැත්තට යාම වැනි කරුණු මෙන්ම සමාජයේ කුකුසට භාජනය වී තිබෙන කරුණු මෙම බදු ක්‍රමය අහෝසි කිරීම තුළින් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

කෙසේ වෙතත් ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවි නිශ්පාදන වෙළඳපලට පැමිණෙන වකවානුව නිශ්චිතව හඳුනාගෙන, දියුණු රටවල මෙන් තීරුබදු හා බැඳුනු නව බදු ක්‍රමවේදයක් හදුන්වා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *