ජපානයෙන් ශ්‍රී ලංකාවට අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක්.

ජපානයේ ප්‍රදානයක් ලෙස අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක් මෙරටට ලබාදී තිබේ.

කටුනායක ගුවන්තොටුපොලේ මෙහෙයුම් සහ කොළඹ වරායේ මෙහෙයුම් සඳහා මෙලෙස අමෙරිකානු ඩොලර් මිලියන 8.4ක ප්‍රදානයක් හිමවී ඇත.

විදේශිකයන් මගින් මෙරටට පැමිණෙන වසංගත, බෝවන රෝග වැනි මහජන සෞඛ්‍යයට අහිතකර රෝග තත්ත්වයන් නිරීක්ෂණය කිරීම මින් සිදුකෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ රෝග නිශ්චය කරනු ලබන ස්කෑන් යන්ත්‍රවලට අමතරව ගමන් මලු ස්කෑන් යන්ත්‍ර, සම්පූර්ණ ශරීර ස්කෑන් යන්ත්‍ර, විදේශීය ගමන් බලපත්‍ර ස්කෑන් යන්ත්‍ර සහ ජෛව මිතික ප්‍රවේශ පාලන පද්ධතියක් ද ලබාදීමට කටයුතු කර ඇත.

ඒ අනුව මෙහි පළමු උපකරණ තොගය අද (10) කටුනායක ගුවන්තොටුපොලේදී ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිෂුකොෂි හිඩෙයාකි මහතා විසින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත භාරදුනි.

මෙයට අමතරව කටුනායක ගුවන්තොටුපොල තුළ ඒකක 150කින් යුත් සුහුරු වැසිකිළි පද්ධතියක් ස්ථාපිත කිරීමට ද මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *