ජවිපෙ අපේක්ෂකයා එක්වූ කතාව බොරුවක් – සජිත් සමග එක්වී ඇත්තේ නිදහස් පක්ෂයේ අයෙක්.

සමගි ජන බලවේගය විසින් පවත්වන “ජන පවුර” වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරයෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය සමග එක්වූ පුවත අසත්‍යක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ඊයේ පැවති ජන හමුවක දී කරුණු අනාවරණය කළා.

ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිටි එච්. සමන්ත බණ්ඩාර මහතා ද මෙලෙස සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගත් පිරිස අතරට සිටින බව පැවසුව ද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයා පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිට ඇත්තේ නිදහස් පක්ෂයේයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *