බොරු කරන්නේ නැතුව රුපියල්1700 අවම වැටුප කරන්න. කම්කරුවන් වෙනුවෙන් විජිත හේරත් හඬ නගයි.

0
71

වතු කමකරුවන් වෙනුවෙන් ලබා දෙන බව පැවසූ රුපියල් 1700 ක් වන දිනක වැටුප, සත්‍ය වශයෙන්ම වතු කම්කරුවන්ට නොලැබෙන බවත් , එය එම ජනතාවට ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් පා.ම. විජිත හේරත් පවසනවා.

රුපියල් 1700 ක් ලෙස දක්වා ඇති වතු කමකරුවන්ගේ දිනක වැටුප රුපියල් 1350 ක් බවත් ඉතිරිය වෙනත් දීමනා යටතේ ලැබෙන රුපියල් 350 ක් ලෙස වැටුපට එකතු කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

නමුත් රජයේ මෙම අදහසට වතු හාම්පුතුන් එකඟ නොවන නිසා ඔවුන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි අතර, වතු කම්කරුවන්ට මෙම 1700 යේ වැටුප ලැබීම තවදුරටත් ප්‍රමාදවන බවයි මන්ත්‍රීවරයා අවදාරණය කළේ.

එබැවින් සත්‍ය වශයෙන්ම වතු කම්කරුවන් සඳහා වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට රජයට අවශ්‍ය නම් කළ යුත්තේ , වතු හාම්පුතුන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ගැසට් පත්‍ර අභියෝගයට ලක් කිරීමට හැකිවන පරිදි කටයුතු කිරීම වෙනුවට රුපියල් 1700 පෞද්ගලික සේවකයින්ගේ දිනක අවම වැටුප ලෙස නීතිය වෙනස් කිරීම බවයි ඔහු අවධාරණය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here