“කරණීය මෙත්ත සූත්‍රය” විකෘති කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්.

කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ප්‍රචාරණයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත බෙ#ද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් ඊයේ (20 ) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කෘතිම බුද්ධි තාක්ෂණය ( AI) යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මගින් කරණීය මෙත්ත සූත්‍රය විකෘති කර ෆේස්බුක් හා ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට විවිධ පාර්ශවලින් පැමිණිලි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

මේ අතර කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති පුද්ගලයින් කවුරුන්දැයි සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබාදී ඇති බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, එවැනි දර්ශන ඇතුළත් වීඩියෝ එකිනෙකා අතරේ හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙසය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *