Mon. Sep 16th, 2024

දරුවෙක්ට අමතක කරන්න ම බැරි බැඳීම තියෙන්නෙ තමන්ගෙ දෙමව්පියන් එක්ක.

එතනදීත් දරුවො දෙමාපියන් වුණාම ඒ බැඳීම ගැන දැනෙනවා වැඩියි.

විශේෂයෙන්ම පුතෙක්ට පියෙක් වුණාම, ඒ පුත්‍රයාට තමන්ගේ අප්පච්චිව සෑහෙන්න මතකයට නැඟෙන්න ගන්න එක හරි සාමාන්‍යයයි.

ජනප්‍රිය රංගන ශිල්පි අකිලගේ සමාජ මාධ්‍ය සටහන් දැක්කාමත් ඒ කාරණාව මනාව දකින්න ලැබෙනවා.

එයාකාරයෙන් ඔහු පසුගියදා යෙදුණු කතරගම ගමන අතරතුරත්, අප්පච්චිගේ මතකය මේ විදියට ආවර්ජනය කරලා තිබුණා.

”ජීවිතේ හරිම පුදුමාකරයි, විශ්මිතයි, සැලසුම් සහගතයි, සූක්ෂමයි

තේරුම්ගන්න හරිම අමාරුයි

අප්පච්චි “හොදකරං” කරේ තියාගෙන හරි ‘පෙරහැරකිං නටාගෙන’ එන්නයි මං මගේ හිතෙං භාර වුණේ.

මට නටාගෙන යන්න පෙරහැරකුත් දෙන්නං කිව්වා @chandanawickramasinghedance Sir

මුලු ලංකාවක් අපිත් එක්ක එකම ප්‍රාර්ථනාවක හිටියා

පූජා, අශිර්වාද රට පුරා පැවැත්වුණා

මට කියන්න ඕන වුණේ…මොන දේ වුණත් මේ කිසි දෙයක් මං අමතක වෙන්න දෙන්නෙ නෑ…

මගේ පොරොන්දුව මෙච්චරයි

මැරෙනකන්,මං ඔයාලාට ණයගැතී

ඒ ණය මතක තියාගෙන ගෙවන්න “මං මළත්”

මං මගේ දූ දරුවන්ටත් පුරුදු කරලා යනවා…

හැමෝටම සියලු දෙවියන්ගේ පිහිටයි”

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *