කතරගම දේවාලයේ ආදායම අට ගුණයක් දක්වා වේගයෙන් ඉහළට.

0
120

තමන් තනතුර  බාරගනිද්දී පැවති ආදායම මේ වනවිට අට ගුණයකින් ඉහළ දැමීමට සමත්ව ඇතැයි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසීය. 

බස්නායක නිලමේ තනතුරේ රාජකාරි ආරම්භ කරන විට රුපියල් මිලියන 50ක්ව පැවැති වාර්ෂික ආදායම මේ වන විට රුපියල් මිලියන 400 ක් දක්වා වර්ධනය වී ඇතැයි ගුණසේකර මහතා වැඩිදුරටත් කීය. මෙම වසරේ පළමු මාස හය තුළදී පමණක් ආදායම රුපියල් මිලියන 214 ක් බව රුහුණු මහා කතරගම දේවාලයේ  ආදායම් වාර්තාව හෙළිදරව් කොට තිබේ.

මෙලෙස ආදායම වර්ධනය වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ බැතිමතුන් පූජාවට්ටිවල තබා දේවාලයේ කපු මහතුන් වෙත ලබාදුන් මිල මුදල් සහ පූජා භාණ්ඩ දේවාලයේ පඬුරු පෙට්ටි වෙත සහ කාර්යාලය වෙත බාරදීමට කටයුතු කරමින් සිටීම බව වාර්ෂික ආදායම් වාර්තා අනුව පෙනී යයි. දෙවියන් සඳහා පූජා කරන මිල මුදල් සහ භාණ්ඩ කපු මහත්වරුන් පෞද්ගලික පරිහරණයට ලබා ගැනීම පිළිබඳ ජනතාව දැනුවත් වීමත් සමඟ මෙම තත්ත්වය උදා වී තිබේ. මේ අතර දේවාලයේ ආදායමෙන් ගොඩනැගූ අපේක්ෂා රෝහලේ ඇඳන් 500 ක වාට්ටු සංකීර්ණය ජූලි 23 වැනිදා විවෘත කිරීමට සූදානමින් සිටින බවත්, ඉදිරියේදී රුපියල් කෝටි සියයක් වියදම් කොට නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ද සහිතව තවත් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සූදානමින් සිටින බවත් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා පැවසීය.

FacebookTwitterWhatsAppTelegramXShare

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here