හිරගෙදර ඉන්න කෙහෙළිය නිල වාහන දීලත් නෑ ..නිල නිවස දීලත් නෑ.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කර මාස කිහිපයක් ගතව ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවුලේ සාමාජිකයන් භාවිතා කරන බව වාර්තා වනවා.

එසේම විජේරාම මාවතේ ඔහුට ලබා දී තිබූ නිල නිවසද තවමත් භාරදී නොමැති බවයි එම වාර්තා මගින් පැවසුනේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමතිවරයාව බැලීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් වැලිකඩ බන්ධනාගාරයට පැමිණෙන්නේද එම නිල වාහනවලින් බවයි වාර්තා වන්නේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *