Mon. Sep 16th, 2024

ව්‍යාපාරික ලලිත් කොත­ලා­වලගේ මර­ණය හෘද­යා­බා­ධ­යක් හේතු­වෙන් සිදු වූ හදිසි මර­ණ­යක් බව ඊයේ (31) තීන්දු කළ කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සිංහ, ඒ අනුව, ලලිත් කොත­ලා­වලගේ මරණ සහ­ති­කය ඔහුගේ ඥාතීන් වෙත භාර දෙන ලෙස අධි­ක­රණ රෙජි­ස්ට්‍රා­ර්ව­ර­යාට නියෝ­ග­යක් නිකුත් කළා.

ලලිත් කොත­ලා­වලගේ මර­ණ­යට හේතුව සම්බ­න්ධ­යෙන් මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂණ තීන්දුව ප්‍රකා­ශ­යට පත් කර­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා මේ නියෝ­ගය නිකුත් කළේ අධි­ක­රණ වෛද්‍ය රාජ­පක්ෂ විසින් ඉකුත් 22 දා අධි­ක­ර­ණ­යට භාර දෙනු ලැබූ මරණ පරී­ක්ෂණ වාර්තාව, රජයේ රස පරී­ක්ෂක වාර්තාව සහ සාක්ෂි­ක­රු­වන්ගේ ගත් සාක්ෂි සැල­කි­ල්ලට ගනි­මින්.

කොත­ලා­වලගේ මර­ණය සැක සහිත බවට ඔහුගේ බිරි­යගේ සහෝ­ද­රිය වන ෂෙරින් පේෂන් විජේ­රත්න යන අය බම්බ­ල­පි­ටිය පොලි­සි­යට කළ පැමි­ණි­ල්ල­කට අනුවයි මේ නඩුව අධි­ක­ර­ණය හමුවේ කැඳවනු ලැබුවේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *