කුලියාපිටියේ අතුරුදන් තරුණයාව පැහැරගත් රථය ලේ සමග හසුවේ.

කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සතිපොළ ආසන්නයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බව වාර්තා වනවා.

මාතලේ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වෑන් රථය සියුම් ලෙස සෝදිසි කිරීමේදී වෑන් රථය තුළ තැවරී තිබූ ලේ පැල්ලම් බවට සැක කළ හැකි රතු පැහැති පැල්ලම් දෙකක් සොයා ගැනීමට හැකිවී ඇතැයි ද සඳහන්.

එම පැල්ලම්වල සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ට යැවීමට නියමිතයි.

තරුණයා අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තා ගේ මස්සිනා කුලියාපිටිය ප්‍රදේශයේ වාහන කුලියට ලබා දෙන ස්ථානයකින් දින දෙකකට යැයි කියා පසුගිය අප්‍රේල් 22 වැනිදා මෙම වෑන් රථය ඉල්ලාගෙන ගොස් තිබුණා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *